සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැතිට එරෙහි විශ්වාසභංග විවාදය අද ..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (04) පැවැත්වීමට නියමිතව ඇත.ඒ අනුව අද පෙරවරු 9.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට කටයුතු යොදා ඇති අතර රාත්‍රි 9.30 දක්වා මෙම පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමටත් ඉන් අනතුරුව අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව ඇත. ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රී කණ්ඩායමක් විසින් අදාළ විශ්වාසභංග යෝජනාව පසුගිය 21 වැනිදා කථානායකවරයාට භාරදීමට කටයුතු කරන ලදි. එම විශ්වාසභංගය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 55 දෙනෙක්ද, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනෙක්ද අත්සන් තබා ඇති බවද වාර්තිතා විය. මෙම විශ්වාසභංගය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කරුණු 14 ක් යටතේ ඉදිරිපත් කර ඇත.


 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට