සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.පය සහ ශ්‍රී.ලං.නි.පය අතර අර්බුද හමුවේ කැබිනට් සංශෝධනය පුස්සක් වේවි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මේ වන විට ඇතිවී තිබෙන අර්බුදය හමුවේ ඉදිරියේදී සිදුකිරීමට නියමිතව ඇති කැබිනට් සංශෝධනය පුස්සක් වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි.අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මේ වන විට ඇතිවී තිබෙන අර්බුදය හමුවේ ඉදිරියේදී සිදුකිරීමට නියමිතව ඇති කැබිනට් මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මකව විෂයන් වෙන්කිරීමේ හැකියාවක් නොමැති බවයි. එමෙන්ම අග්‍රමාත්‍යවරයාට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂය සිය ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, වත්මන් අග්‍රාමාත්‍යවරයා සමග කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීම පුදුම සහගත තත්ත්වයක් බවත් කැබිනට් මණ්ඩලයේ තීරණ එමගින්ම විවේචනය කිරීම නිසා රටේ ඉදිරි ගමන අඩාලවනු ඇති බවත් ජී.එල් පීරිස් මහතා තවදුරටත් පවසා සිටින ලදී. අග්‍රමාත්‍යවරයාට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම දෙදරා ගිය බවත් ස්ථිර තීරණයකට එළඹීමට ඇති නොහැකියාව නිසා පක්ෂයේ මේ වන විට අයාලේ යමින් තිබෙන බවත් පීරිස් මහතා මෙහිදී සිය කරුණු දක්වමින් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට