ගෑස් උඩ යයි..
ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රු. 245/- කින් වැඩි කර ඇත. ගෑස් සමාගම් විසින් කරන ලද ඉල්ලීමට අනුව මෙසේ මිල ඉහළ දැමුවද මේ වන විට ලෝක වෙළෙඳපලේ ගෑස් මිල පහළ ගොස් ඇති බව ද වාර්තා වේ. පසුගිය ජනවාරි මස ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍ර්ක් ටොන් එකක් මිල ඇමෙරිකානු ඩොලර් 590 ක්‌වූ අතර අද වන විට එය ඇමෙරිකානු ඩොලර් 470 ක් දක්‌වා පහළ ගොස් තිබේ.