සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ නව රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අද (02) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීය. අද දිවුරුම් දුන් නව රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේය. වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලිප් වෙදආරච්චි මහතා, අධිවේගී සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහාන් ලාල් ග්‍රේරු මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.ඩී. චම්පිකා ප්‍රේමදාස මහතා, නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා දිවුරුම් දෙන ලදී. එමෙන්ම වීරකුමාර දිසානායක මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසද අමීර් අලී මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද දුනේෂ් ගන්කන්ද මහතා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද රන්ජන් රාමනායක මහතා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දී තිබේ. කරුණාරත්න පරණවිතාන මහතා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුකර උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද සාරතී දුෂ්මන්ත මහතා නීතිය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද පාලිත තෙවරප්පෙරුම මහතා තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද මනූෂ නානායක්කාර මහතා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද දිවුරුම් දී ඇත. අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ මුත්තු සිවලිංගම් මහතායි. අලි සහීර් මවුලානා මහතා ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. එච්.එම්.එම්. හරිස් මහතා දිවුරුම් දී තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට