සත්‍යයේ පුවත් අඩහැරය….

විසදුම් නැත්තම් දුම්රිය වර්ජනය අද දහවල් 12 ට..?

Podu Jana Peramunaදුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අද (09) දහවල් 12.00 වන තෙක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. තමන් මුහුණ දී ඇති වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් කාලයක සිට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියි ද මෙතෙක් කිසිදු බලධාරියෙකු ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින් අදාළ වර්ජනය දියත් කරන බව එම වෘත්තීය සමිති අවධාරණය කර සිටියි.

අද පැවැත්වෙන කැබිනට් අමාත්‍ය රැස්වීමේදී අදාළ ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට කටයුතු කරන බවට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ලබාදෙන ලද පොරොන්දුව සලකා බලමින් ඊයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අද දහවල් 12.00 දක්‌වා තාවකාලිකව අත්හිටවූ බව එම වෘත්තීය සමිති අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් අද දිනයේදීද තමන්ට නිසි විසදුම් නොලැබුනහොත් අඛණ්ඩ වර්ජනයකට එළඹෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට