අල්ලසක් ගත් විදුලි අධිකාරීවරයෙකු මාට්ටු…
ලංකා විදුලිබල මණ්ඩලයේ නිකවැරටිය ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කරන විදුලි අධිකාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ පොතුහැර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට නිකවැරටිය, ප්‍රදේශයේ පවත්වාගෙන යන සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයකට විදුලිය ලබාදීම සදහා අවශ්‍ය කටයුතු සකස් කිරීමට රුපියල් 20,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල් ලබා ගැනීමට ගිය අවස්තාවේදීය. ඊයේ (09) අදාළ නිලධාරීයා විසින් කුරුණෑගල, කදිරේෂන් මාවතේ, රන්තලිය හංදියේදී අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.