සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බටර් කේක් එකක් නම් එය අයිසින් කේක් එකක් බවට පත්කිරීමට කටයුතු කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගිය 23 වනදා සමග පැවති සාකච්ඡාව ඉතා සුහදශීලිව හා මිත්‍රශීලිව පැවති බවත් යහපාලන ආණ්ඩුව බලයෙන් පහකිරිම සදහා ඒකාබද්ධ විපක්ෂය සමග ජාතික සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් එහිදී එකගතාවයකට පැමිණි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියි. ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (24) කොළඹදි පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. සිය අදහස් දක්වමින් ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් අනාවරණය කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ වන විට ඈත්ව සිටින පාක්ෂිකයින් යළි පක්ෂය ළගා කරවීම තම කණ්ඩායමේ පූර්ණ වගකීමක් වන බවත් ඒ සදහා කැපවී ක්‍රියාකරන බවත් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව රටතුළ ගොඩනගන බලවේගයට එය ශක්තියක් මෙන්ම මහගු ආශිර්වාදයක්ද වනු ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බටර් කේක් ලෙස සැලකුවහොත් එය අයිසින් කේක් එකක් බවට පත්කිරීම සදහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම කටයුතු කරන බවත් ඒ සදහාද එකගතා කිහිපයකට පැමිණීමට ද ඉහත සාකච්ඡාවේදී හැකිවූ බවත් ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කර සිටියේ ටී.බී ඒකනායක මහතා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරන සමයේ ස්වාමීන් වහන්සේ නමකට වාහනයක් ලබාදුන් බවට චෝදනා කරමින්, අරලිය ගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම උනන්දුව මේ වන විට රටතුළ සිදුවී ඇති දැවැන්ත මූල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නොමැති බවයි. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත් එතුමා විසින් ගන්නා ලද තීරණයකට අනුව අදාළ පුද්ගලයාට තම කණ්ඩායමේ සහය ලබාදෙන බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල සහ තාරනාත් බස්නායක යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට