සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවට “ගෝඨාභය” බියක් ඇතිවෙලා, එතුමාට මඩ ගැසීමට ඉඩ තබන්නේ නෑ – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaපසුගිය දා පැවති වියත්මග සංවිධනයේ සමුළුවෙන් පසු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විවිධ චෝදනා සහ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් මංගල සමරවීර ඇතුළු වත්මන් ආණ්ඩුවට මේ වනවිට “ගෝඨාභය” බියක් ඇතිවී ඇති බවත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අනාවරණය කර සිටියි. ඊයේ (24) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා පවසා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, වංචාවට මෙන්ම දූෂණයට එරෙහි වන්නෙක් වන බැවින් එවැනි වංචා සහ දූෂණ ක්‍රියාවන්හි යෙදෙන්නන් ගෝඨාභය මහතාට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි.

මාධ්‍යවේදියෙකු ලෙස හැදින්වුවද මාධ්‍ය හැදුනුම්පතක් හෝ නොමැති, සේවය කරන ලද මාධ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් හෝ කිසිදු තොරතුරක් නොමැති ප්‍රගීත් එක්නැලිගොඩ යන පුද්ගලයාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වූයේ ඔහු විසින් වත්මන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ පුද්ගලික ජීවිතය පිළිබදව ලිපියක් පළකර ඉතා කෙටි කාලයකින් පසුව බවත් අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් කරුණු අනාවරණය කරමින් පවසා සිටින ලදී. මෙම ලිපිය සදහා තොරතුරු ලබාදී ඇත්තේ ජාතික හෙළ උරුමය පක්ෂයේ සාමාජිකයෙකු විසින් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම පුද්ගලයාද ප්‍රගීත් එක්නැලිගොඩ යන අය අතුරුදහන්වූ කාලයේදීම අතුරුදහන්වී ඇති බවත් ඒ අනුව අදාළ අතුරුදහන්වීම් දෙක සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ අමාත්‍ය පාඨලී චම්පික මහතා බවත් සිය අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් පවසා සිටින ලදී.

සිය අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් අනාවරණය කර සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි පිරිසිදු පුද්ගලයින් හට මඩ ගැසීමට කිසිදු ආකාරයකින් ඉඩක් නොතබන බවත් මහා සංඝරත්නය පෙරටු කරගනිමින් රටේ ජනතාව ඒකරාශී ගනිමින් රටේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට