සත්‍යයේ පුවත් අඩහැරය….

සියඹලාණ්ඩුවේ ඉඩමක විදෙස් රටක නිෂ්පාදන කරන අත්බෝම්බයක්..

Podu Jana Peramunaමොණරාගල, සියඹලාණ්ඩුව හතරේ ගම්මානයේ ඉඩමක තිබී විදෙස් රටක නිෂ්පාදනය කරනු ලබන අත්බෝම්බයක් හමුවී ඇති බව වාර්තා වේ.  අදාළ ඉඩමේ හිමිකරු එහි නිවසක් සෑදීම සදහා ඉඩම එළි පෙහෙළි කිරීමේදී මෙම අත්බෝම්බය හමුවී ඇති අතර ඔහු සියඹලාණ්ඩුව පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව කුඹුක්කන 121 වන බල සේනා මූලස්ථානයේ යුද හමුදා නිලධාරීන් පැමිණ එම අත්බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කර අැති අතර එය විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් බව යුද හමුදාව විසින් අනාවරණය කර ඇති බව ද වාර්තා වේ. යම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් මෙම අත්බෝම්බය මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇතැයි සැක සහිත බව සියඹලාණ්ඩුව පොලිසිය පවසා සිටින අතර එම පොලිස් නිලධාරීන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට