මාතර රන් භාණ්ඩ වෙළඳ සැලක් මංකොල්ලකෑමට ආ පිරිසක් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක්, පොලිසියේ 03 ක් ඇතුළු 05 ක් රෝහලේ..
මාතර නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ. අද (22) උදෑසන සිදුවූ මෙම වෙඩි හුවමාරුව හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් එක්අයෙකු මංකොල්ල කෑමට පැමිණි පිරිසේ සාමාජිකයෙකු බවද අනාවරණය වී ඇත.