සත්‍යයේ පුවත් අඩහැරය….

එල්.ටී.ටී.ඊ සංවිධානයේ විදෙස්ගත ප්‍රබල සාමාජිකයින් 14 කට මෙරටට ඇතුළුවීම තහනම් කරමින් ති විශේෂ ගැසට් නිවේදනයක්..

Podu Jana Peramunaඑල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිටි මේ වන විට විදෙස්ගතව සිටින පුද්ගලයින් 14 දෙනෙකුට මෙරටට ඇතුළුවීම වළකාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි රැදී සිටිමින් එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය ලබාදීමට කටයුතු කරන ලද එම සංවිධානයේ පඉහළ පෙළේ ක්‍රියාකාරී සාමාජිකයින් 14 දෙනෙකුට මෙරටට ඇතුළුවීම තහනම් කරමින් ආරක්ෂක ලේකම් ජනාධිපති නීතිඥ, කපිල වෛද්‍යරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය තුළින් එල්.ටී.ටි.ඊ සංවිධානයේ බුද්ධි අංශ නායකයින් ලෙස කටයුතු කරන නඩරාසා සත්‍යසීලන් හෙවත් මාරන්, ඇන්ටනි රාසා ඇන්ටනි කැලිස්ටර් හෙවත් පරදන් මෙන්ම ජීවරත්නම් ජීවකුමාර් හෙවත් සිරන්ජිව් මාස්ටර් යන පුද්ගලයින්ට මෙරටට ඇතුළුවීම තහනම් කර ඇත. එමෙන්ම එල්ටිටිඊ සංවිධානයේ ජාත්‍යන්තර මුදල් අංශයේ නායකයා ලෙස සැලකෙන සිවසුබ්‍රමනියම් ජෙයගනේෂ් හෙවත් සාම්රාජ්, ගුවන් අංශයේ උපදේශකවරයෙක් ලෙස සැලකෙන මහේෂ්වරන් රවිචන්ද්‍රන් හෙවත් තිරුකුමාරන්, ගුවන් අංශයේ සාමාජිකයින් වන වේලායුධන් ප්‍රදීප් කුමාර් හෙවත් කලිබන්, සිවරාසා සුරේන්ද්‍රන් හෙවත් වදාන්, සිවගුරුනාදන් මුරුගදාස් හෙවත් කදිරාවන් සහ තිරුනිලක්න්දල් නගුලේෂ්වරන් හෙවත් පුෂ්පනාදන් යන පුද්ගලයින්ටද මෙරටට ඇතුළුවීම තහනම් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට