මාතර රන් භාණ්ඩ කොල්ලකෑමට පැමිණි පිරිස සමග ඇතිවූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු මියයයි..
මාතර නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවකින් තුවාල ලබා රෝහල්ගත කරන ලද එක් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අද (22) උදෑසන මෙම වෙඩි හුවමාරුව සිදුවූ අතර ඉන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරන ලදී.