ජොන්ස්ටන්ට එරෙහි නඩු විභාග කිරීම ජූලි 23 දා..
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩු 03 ක් ලබන ජුලි මස 23 වනදා විභාගයට ගන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කරන ලදී. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යවරයකු ලෙස සිටි සමයේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා නොදීම සම්බන්ධයෙන් මෙම නඩු ගොනු කර ඇත. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම නඩු ගොනු කර ඇත.