සත්‍යයේ පුවත් අඩහැරය….

සංඝාධිකරණයක් අත්‍යවශයයි, රාජ්‍ය අමාත්‍ය විජයකලාගේ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්දැයි බලා සිටිනවා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaමහනුවරදී ඇතිවූ සිංහල, මුස්ලිම් ගැටුමට සම්බන්ධ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගන්නා ලද සිංහල ජාතික තරුණයින්ට ඇප ලබානොදී ඔවුන් තවමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් එය දැඩි අසාධාරණයක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටියි.උන්වහන්සේ මේ බව පවසා සිටියේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද (04) උදෑසන, බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග කෝට්ටේ, ශ්‍රී කල්‍යාණි ධම්ම මහා සංඝ සභාවේ මහනායක, පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියේ මහනුවර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මුස්ලිම් ජාතික තරුණයින්ගෙන් බහුතරයක් මේ වන විට ඇප මත නිදහස් කර ඇති නමුත් සිංහල තරුණයින් තවමත් බන්ධනාගාරගතව සිටින බවයි.

යම් වරදක් සම්බන්ධයෙන් භික්ෂුවක් බන්ධනාගාරගත කළ විට උන්වහන්සේ මහත් අපහසුතාවයට පත්වන බවත් මේ හේතුවෙන් මෙරට තුළ සංඝාධිකරණයක් පිහිටුවීම දැඩි අවශ්‍යතාවයක් බව තමන් විසින් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් දැනුවත් කළ බවත් මෙම කරුණු පිළිබදව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව උන්වහන්සේ විසින් පවසා සිටි බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවදුරටත් සිය අදහස් පළකරමින් පවසා සිටින ලදී.

පසුගියදා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත වරක් ඇතිකළයුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය කුමන ආකාරයට කටයුතු කරනු ඇත්දැයි බලා සිටින බවද ඥානසාර හිමියන් තවදුරටත් පවසන ලදී.

මෙම අවස්ථාව සදහා බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයින් වන පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද සහ පූජ්‍ය ජඹුරේවෙල පඤ්ඤාරතන යන හිමිවරුන්ද බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ආචාර්ය දිලන්ත විතානගේ මහතාද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට