බස්නාහිර පළාත් සභාව එක් පුටුවකට ලක්ෂ 6 1/2ක මුදලක් වෙන් කරලා..?
බස්නාහිර පළාත් සභාවේ අලුතින් ඉදිකෙරුනු නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කර එම පුටු විදේශීය රටකින් ආනයනය කිරීමට කටයුතු යොදා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්ද යොමුකර ඇත. එක් පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් පුටු 104 ක් ආනයනය කිරීම සදහා දැනටමත් ඇණවුම් ලබාදී ඇති බවත් මෙවැනි අනවශ්‍ය වියදම් නවතා දමන්නැයි ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ අදාළ ලිපිය මගින් පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කර තිබේ.