විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකානුවන්ට දැවැන්ත පරාජයක්..
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති විස්‌සයි විස්‌ස තරගයෙන් කඩුළු 03 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සිය විස්‌සයි විස්‌ස තරග ඉතිහාසයේ දැවීගිය අඩුම ලකුණු සංඛයාව වාර්තා කරමින් දකුණු අප්‍රිකානුවන්ට ඊයේ ලබාගතහැකිවූයේ ලකුණු 98 ක් පමණි. එම ඉලක්කය, පන්දුවාර 16 කදී කඩුළු 07 ක් පමණක් දැවී සපුරාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.