අනිද්දා පැය 18 ක් ගම්පහට වතුර නෑ..
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක අනිද්දා (17) දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි.හදිසි අළුත්වැඩියාවක් සදහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් ඒ අනුව 17 වනදා උදෑසන 09.00 සිට 18 වනදා අළුයම 03.00 දක්වා පෑලිගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල – මාබෝල නගර සභ බල ප්‍රදේශය කැළණිය, වත්තල සහ බියගම ප්‍රදේශිය සභා බල ප්‍රදේශයට අයත් ගෝනවල පාර, මඟුරුවිල පාර, විජයරාම පාර සහ බොල්ලෑගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු බවත් එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.