ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ අවසන් කටයුතු අද..
මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ හදිසියේ අභාවප්‍රාප්ත වූ රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) පස්වරුවේදී ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත. ඕස්ට්‍රේලියාවේ රැදී සිටියදී වැළදුනු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ අභාවප්‍රාප්ත රෝනී ලීච් මහතා මිය යන විට 65 වන වියේ පසුවිය. රොනී ලීච් මහතාගේ දේහය ඊයේ (10) දහවල් කාලයේ මෙරටට රැගෙන එන ලද අතර දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට බොරැල්ලේ පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.