ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද..
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (16) පැවත්වීට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති නිල නිවසේදී මෙම විශේෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව ඇති අතර රට තුළ මේ වන විට පවතින දේශපාලන තත්ත්වය මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.