සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික සම්පත් විකිණීමට රටකට ආණ්ඩුවක් අවශ්‍ය නෑ, ආණ්ඩුව කළයුත්තේ රට භාරදී බලයෙන් ඉවත්වීමයි – කේ.ඩී ලාල්කාන්ත

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුුවට එරෙහිව ලබන 23 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති දැවැන්ත විරෝධතාවය සදහා සහභාගි වන්නැයි, වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික පාලනය හමුවේ පීඩාවට පත්ව සිටින සියළු ජනතාවට ආරාධනා කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි.ඊයේ (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

කේ.ඩී ලාල්කාන්ත මහතා තවදුරටත් පවසා සිටියේ පසුගිය ආණ්ඩුව විසින් ලබාගන්නා ලද දැවැන්ත ණය ප්‍රමාණයක් ගෙවීමට ඇතැයි ලෝකයටම පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව, මේ වන විට ඉන්ධ මිල සූත්‍රයක් හදුන්වා දෙමින් සෑම මසකම 10 වනදා ජනතාව මත දැවැන්ත ජීවන බරක් පටවමින් සිටින බවයි.

රුපියල අවප්‍රමාණය වීම රටටත් අාර්ථිකයකටත් වාසිදායක බව ආණ්ඩුව විසින් පවසා සිටින අතර ආණ්ඩුව බලයට පැමිණිමේදී රුපියල් 130 ක් වූ අැමෙරිකානු ඩොලරයක් අද වන විට රුපියල් 1701 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සංචාරක ව්‍යාපාරය ඇතුළු මෙරට කර්මාන්තද දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති බවද කේ.ඩී ලාල්කාන්ත මහතා තවදුරටත් පවසා සිටින ලදී. මෙරට ජාතික සම්පත් සහ රජයේ දේපළ විකුණාදැමීමට නම් රටකට ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් වත්මන් ආණ්ඩුව දැන් කළයුත්තේ රට පාලනය කළහැකි පිරිසකට රට භාර දී බලයෙන් ඉවත්වීම බවත් ඒ සදහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතව ඇති බවත් තවදුරටත් සිය අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් යන මහත්වරුන්ද සහභාගිවී අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට