එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පස්දෙනෙක්..
එක්සත් ජාතික පෙරමුණ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා තම නියෝජිතයින් පස් දෙනෙකු නම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ලක්‍ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ රිෂාඞ් බදියුදීන් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නම් කර තිබේ. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් ඊයේ (22) රාති‍්‍රයේ රැස්වන ලද අවස්ථාවේ මෙම පිරිස නම් කර තිබේ.