ශ්රී ලංකා කණ්ඩායම අසීරු අඩියක..?
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අද (25) යි. ඊයේ (24) දිනය තුළ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 240 කට සීමාවූ අතර එංගලන්ත පිල දිනය නිමාවන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 03 ක් ලබා සිටින ලදී. එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 336 ක් ලබාගන්නා ලදී. ශ‍්‍රී ලංකා කණ්ඩයම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් ද ධනංජය ද සිල්වා ලකුණු 73 ක් ද ලැබීය. තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.