එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩියට සමාන කොඩියක් ඔසවලා..
කිසියම් පිරිසක් මුලතිව් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩියට සමාන කොඩියක් ඔසවා තිබෙන බව වාර්තා වේ. මුලතිව්, පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලය ආසන්නයේ මෙම කොඩිය ඔසවා ඇත. එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩියට සමාන රතු පැහිති කොඩියක් ඔසවා තිබෙනු දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබදව පොලීසිය දැනුවත් කර තිබේ. මහවිරු සැමරුමට සමගාමීව එල්.ටී.ටී.ඊ කොඩිය හෝ සංවිධානයට සම්බන්ධ කිසිදු ලංඡනයක් ප්‍රදර්ශනය නොකළ යුතු යැයි යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා නියෝගයක් ද නිකුත් කරන ලදී.