සත්‍යයේ පුවත් අඩහැරය….

කථනායක ජනාධිපති හමුවේ…

Podu Jana Peramunaරට තුල උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ගරු ජනාධිපතිතුමා සහ ගරු කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම යෝග්‍ය බවට ඊයේ (29) දින පාර්ලිමේන්තුවේ දී වැඩිදෙනාගේ යෝජනාවක් වූ අතර ඒ අනුව ගරු කථනායකතුමා ඊයේ (29) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ගරු ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත විය.මේ වන විට සෑම අංශයකින්ම රට තුල අස්ථාවර තත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිදවැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින්, අවිනිශ්චිත තත්ත්වයට ඉක්මන් විසදුමක් ලබාදීම කල යුතු බව ගරු කථානායකතුමා එහිදී පෙන්වා දෙනු ලැබීය. මෙහිදි කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් පල වූ අතර, විසදුමකට එළ‍‍ඹීමෙහිලා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්ය භාරයද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්වී ඇත.

අද (30) දින විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් සමඟ ද වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලබන බවට මෙම සාකච්ඡාවේ දී ගරු ජනාධිපතිතුමන් එකඟවී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට