ජනාධිපති සහ එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක්..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර මේ වන විට විශේෂ රැස්වීමක් පැවැත්වෙන බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) උදෑසන 10.00 ට මෙම රැස්වීම ආරම්භ වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාව සදහා සහභාගි වී ඇති බව වාර්තා වේ.