මහබැංකු බැඳුම්කර වංචාව, අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්..
මෙරට මහත් ආන්දෝලනයකට පත්ව ඇති මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනා ලබන ජනවාරි 01 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. අදාළ නඩුව විභාගයට ගනිමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (18) මෙම නියෝගය ලබාදී ඇත.