කේරළ ගංජා කිලෝග්‍රැම් 01 ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ..
කේරළ ගංජා කිලෝග්‍රැම් 01 ක් සහ ග්‍රෑම් 330 ක් සමග කාන්තාවක් වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වව්නියාව, පුන්තෝට්ටම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම 35 හැවිරිදි සැකකාරිය අද (19) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. වව්නියාව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.