සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ උත්සහයක ආණ්ඩුව යෙදී සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ පුද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට මෙරට අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ උත්සහයක් දියත්වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර එහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ කැබිනට් මණ්ඩලය මුළාවට පත්කරමින් ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් රජයට මෙතෙක් පවාරා නොගත් පුද්ගලික පාසැල් 80 ක් ශාඛා 400 ක් රටපුරා පිහිටුවීමට අවශ්‍ය අවස්ථාව ලබාදෙමින් වත්මන් ආණ්ඩුව මෙම කටයුත්තේ යෙදෙන බවයි.

පාලක මණ්ඩලයක් මගින් පාලනය වන සුපිරි ඝණයේ යැයි සැලකෙන ඇතැම් පාසැල් රටේ අධ්‍යාපන අමාත්‍යවරයාව පවා තුට්ටුවකට හෝ මායිම් නොකරන තත්ත්වයක් උද්ගතව ඇති අතර එම පාසැල් මිය ගිණුම් වාර්තා පවා බලධාරීන්ට ලබානොදෙන තත්ත්වයක් ඇතිවී ඇති වී ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අනාවරණය කරන ලදී. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරිමට කටයුතු කරන බවත් මෙරට අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට එතුමා අවස්ථා ලබානොදෙනු ඇතැයි මෙන්ම අදාළ කැබිනට් පත්‍රිකාව ආපසු කැදවා එය හකුලා දැමීමට කටයුතු කරනු ඇතැයි ද බලාපොරොත්තු වන බවත් ගුණවර්ධන මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියේ ස්වාධීන රාජ්‍ය සේවයක් ඇතිකිරීම සදහා පිහිටුවන ලද කොමිෂන් සභා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විවිධ චෝදනා එල්ලවූ අතර උසස් තනතුරු වලට පුද්ගලයින් පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් සිදුකළයුතු වුවත් අධිකරණ සදහා විනිසුරුවරුන් පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හරිමින් ඇතැම් පත්කිරීම් සිදුකර ඇති බවයි.

පොලිස්පතිවරයා පත්කිරීමේදී මෙවැන්නක් සිදුව ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව තුළ ජ්‍යෙෂ්ඨයෙක් සිටියදී දේශපාලන අවශ්‍යතාවය මත පුජිත ජයසුන්දර මහතා වත්මන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට කටයුතු කළේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන විජයදාස රාජපක්ෂ මහතා විසින් පවසා ඇති බව ද එස්.බී දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

සිය දේශපාලන බංකොළොත් භාවය නිසා 2010 වසරේදී සරත් ෆොන්සේකා මහතාත් 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතාත් ජනාධිපතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමට වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන ලද බවත් තමන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත්වූ අවස්ථාවේ පක්ෂ නායකත්වයේ නොරැදෙන බව පවසමින් විශ්වාස භංග යෝජනාවට එරෙහිව පක්ෂයේ ඡන්ද ලබාගත් පසු පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන බව පැවසීම තුළින්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන බංකොළොත් භාවය මැනවින් පැහැදිලි වන බව ද දිසානායක මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාව සදහා සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ද අදහස් දක්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට