සත්‍යයේ පුවත් අඩහැරය….

මදූෂ් අත්අඩංගුවට පත්වීමෙන් කලබලවී ඇති ඇතැම් දේශපාලකයින් කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaමේ වන විට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මෙරට පාතාල සාමාජික “මාකදුරේ මදූෂ්” සහ මත්කුඩු ජාවාරම් වල යෙදෙන්නන් සමග සම්බන්ධතාවයක් ඇතැයි කරන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මේ බව පවසා සිටින ලදී. “මාකදුරේ මදූෂ්” අත්අඩංගුවට පත්වීමත් සමග දැඩිලෙස නොසන්සුන්ව ඇති ඇතැම් දේශපාලනඥයින් මෙවැනි පදනම් විරහිත චෝදනා සිදුකරන බව ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. “මාකදුරේ මදූෂ්” සමග අත්අඩංගුවට පත්වූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා, ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිකයෙකු වන බැවින් ජනතා විමුක්ති පෙරමුණත් මාකදුරේ මදූෂ් යන අයත් අතර සම්බන්ධයක් ඇති බවට සැකයක් පවතින්නේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් මහතා විසින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළකරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉහත අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට