ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය අද..
තරග 3 කින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (19) කේප්ටවුන් හිදි පැවැත්වේ. දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංග විසින් මෙහෙයවන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවන්නේ ෆෆ් ඩු ප්ලෙසිස් විසිනුයි.