සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රස්ත ප්‍රහාරය ගැන වගකීම් විරහිතව කටයුතු කරලා, රජයේ බලධාරින් පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

Podu Jana Peramunaබුද්ධි අංශ විසින් අදාළ තොරතුරු ලබාදී තිබියදීත්, පසුගිය දා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් ආණ්ඩුව මෙරට ජනතාවගේ මූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් හිටපු නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත. මේ අනුව රජයේ බලධාරීන් සිය වගකීම නිසිලෙස ඉටුනොකිරීමට එරෙහිව අපරාධ නීතිය අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් මෙම පෙක්සම ගොනු කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට