පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි, හමුදාපති සහ හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න සාක්ෂි දෙයි..
පසුගියදා මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (31) යළි රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී උදෑසන 10.30 ට කාරක සභාව රැස්වන අතර යුධ හමුදාපති මහේෂ් සේනානයක සහ හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් එහිදී සාක්ෂි ලබාදීමට නියමිතය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද දිනයේදී මාධ්‍ය සඳහා විවෘත කෙරෙන බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.