හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව තිබේ..
හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 117 ක් සමග මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇති 32 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචි සැකකරු අද (02) කොළඹ මාලිගාකන්ද, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.