සත්‍යයේ පුවත් අඩහැරය….

සුභ වේලාවේදී සියළුම දේ සිදුවෙයි, පොදුජන පෙරමුණේ පිරිසකගේත් අන් සියළුදෙනාගේත් ආශිර්වාදය තමන්ට හිමිවේවි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaසුභ වේලාවේදී සියළුම දේ සිදුවනු ඇති බවත් පොදුජන පෙරමුණේ පිරිසක් ඇතුළු සියළුදෙනාගේම ආශිර්වාදය තමන්ට හිමිවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සමග ඊයේ (20) රාත්‍රීෙය් කොළඹදී පැවති විශේෂ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත සිය අදහස් පළකරමිනි.

මෙම අවස්ථාවට සහභාගිවූ අමාත්‍ය මංගල සමරවීර මහතාද මාධ්‍ය හමුවේ පහත පරිදි අදහස් පළකරන ලදී.

එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්, ඒ නිසා සාකච්ඡා කරලා නුදුරේදීම යහපත් තිරණයක් ගන්නවා. සන්ධානය ගැන පක්ෂ තුළ මේ වන විට යහපත් තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.

මෙම සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍ය, හර්ෂ ද සිල්වා මහතා ද මෙසේ සිය අදහස් පළකර සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරන්න පුළුවන් අපේක්ෂකයා කවුද කියලා අද සාකච්ඡා කළා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අභියෝගයක් බව අපි පිළිගත යුතුයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට