සත්‍යයේ පුවත් අඩහැරය….

නව යුද හමුදාපති පත්කිරීම, යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ නිවේදනයක්..

Podu Jana Peramunaනව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් යොමු කර ඇති දැඩි අවධානයට පූර්ණ සහය ලබාදෙන බව සදහන් කරමින් යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ජර්මනය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තයන රටවල තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලවල එකඟතාව මත යු‍රෝපා සංගම් නියෝජිත මණ්ඩලය විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.

එහි සදහන් වන්නේ මානව හිමිකම් සහ නීති නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ලවී තිබෙන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙරට යුද හමුදාපති තනතුරට පත්කිරීම සම්බන්ධව තම සංවිධානය ද අවධානය යොමුකරන බවයි. මෙම පත්කිරීම මඟින් සාධාරණත්වය හා වගවීම තහවුරු කිරීම සඳහා 2019 වසරේ මාර්තු මාස‍යේ දී ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්‍ගේ මානව හිමිකම් ‍කවුන්සිලයට දැක්වු සහයෝගය පිළිබඳ ගැටළු මතු වී ඇති බව ද මෙම නිවේදනය තුළ වැඩිදුරටත් සදහන් වෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට