විශේෂ රථවාහන මෙහෙයුමෙන් මෙතෙක් බීමත් රියදුරන් 9692 ක් අත්අඩංගුවට..
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම අරමුණු කරගනිමින් පසුගිය ජූලි 05 වනදා සිට දියත් කරන ලද විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 9692 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම ඊයේ (20) පෙරවරු 6.00 සිට අද (21) පෙරවරු 6.00 තෙක් ගතවූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 168 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.