සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහජන බැංකුව විනාශ කෙරෙන “මහජන බැංකු සංශෝධන පනත” පරාජය කරනවා – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

Podu Jana Peramunaජාතික සම්පතක් ලෙස සැලකිය හැකි මහජන බැංකුව විකුණාදැමීමේ අරමුණින් යුතුව වත්මන් ආණ්ඩුව විසින් ගෙනඒමට නියමිතව ඇති “මහජන බැංකු සංශෝධන පනත” පරාජය කිරීමට කටයුතු කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. එහි සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිිනි.

සිය අදහස් දක්වමින් කේ.ඩී ලාල්කාන්ත මහතා පහත පරිදි කරුණු අනාවරණය කරන ලදී.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති මගින් මහජන බැංකුව විකුණාදැමීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගැන තමයි මේ වන විට රටේ ජනතාවගේ අවධානය යොමුව තිබෙන්නේ. එවැනි වාතාවරණයක් තුළ තමයි ආණ්ඩුව මෙවැනි දේවල් සිදුකරමින් සිටින්නේ. පනත ක්‍රියාත්මක කරලා මහජන බැංකුවේ කොටස්, විවිධ පිරිස් වලට ලබාදීලා මහජන බැංකුව අවසන් කරන්න ආණ්ඩුව උත්සහ කරනවා. මෙම උත්සහය අනිවාර්යයෙන් පරාජය කළයුතුයි. එය පාර්ලිමේන්තුව තුළ නොහැකි වුනත් ජනතා වෘත්තීය සමිති ඒකාබද්ධ කර දැවැන්ත ජන බලයකින් කළහැකියි. එවැනි තත්ත්වයකට ඉඩනොතබා වහාම පනත අහෝසි කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා අපි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ගැන අවධානය යොමුකර ඉදිරි මැතිවරණවලදී තීන්දු තීරණ ගන්නැයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරණ අපේක්ෂකයින් එක් වේදිකාවකට කැදවා ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන රටට හෙළිකරන්නැයි අපි මෙරට මාධ්‍ය ආයතනවලික් ඉල්ලා සිටිනවා. එවිට ජනතාවට හොද අවබෝධයක් ඇතිකරගත හැකියි එම අපේක්ෂකයින් සම්බන්ධයෙන්.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට