ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට..
ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් ලද තොරතුරු මත අත්අඩංගුවට පත් මෙම පුද්ගලයින් දෙදෙනා ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු බව අනාවරණය වී තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා නුවරඑළිය කඳවුරුවල සිට පුහුණු වීම් සිදුකර තිබෙන බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.