දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් නැවතත් අතිවිශේෂ ගැසට් පත්‍රයක්..
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් නැවතත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත අනුව ඊයේ (27) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මඟීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂම හා අඛණ්ඩව පවත්වාගෙන යාම, දුම්රිය ධාවනය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයිමට අදාළව සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු කවර ආකාරයේ හෝ සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු කාර්යයන් හා ඕනෑම ආකාරයක ශ්‍රමය සැපයීම සිදුකළ යුතු බව මෙම ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත.