සත්‍යයේ පුවත් අඩහැරය….

සියෝන් බෝම්බකරුගේ හිස මිහිදන් කිරීමට එරෙහි විරෝධතාවයට පොලිසියෙන් කදුළු ගෑස්, 04 කට තුවාල..

Podu Jana Peramunaපසුගිය පාස්කු ඉරුදින මඩකලපුව, සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට එරෙහිව ඊයේ (27) ප්‍රදේශවාසීන් විසින් දියත් කරන ලද විරෝධතාවයක් අතරතුර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මඩකලපුව, කල්අඩි පාලම අසල ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම විරෝධතාවය දියත් කරන ලද අතර එය විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහිදී ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් මෙසේ පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. මඩකලපුව, සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ හිස කොටස මෙතෙක් රෝහල් මෘත ශරිරාගාරයේ තිබූ අතර එය පසුගියදා කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරීමට කටයුතු කර තිබේ.

ඊට විරෝධය පළකරමින් ඊයේ දහවල් සිට විරෝධතාවක් දියත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කරන ලද අතර ඔවුන් පස්වරුවේ කල්අඩි පාලම අසලින් මාර්ගය අවහිර කිරීමට උත්න්සහ කිරීම නිසා පොලිසිය විසින් කදුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ලකර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට