බුත්තල, වෙළන්ආර කන්ද රක්ෂිතයේ ගින්නක්..
බුත්තල, වෙළන්ආර කන්ද රක්ෂිතයේ ඊයේ (27) රාත්‍රී කාලයේ හදිසි ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. බුත්තල පොලීසිය විසින් වහාම ක්‍රියාත්මක වී ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න නිවාදැමීමට කටයුතු කර ඇත. අදාළ ගින්නේ ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදුව නොමැති අතර බුත්තල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.