නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනට..
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) උදෑසන 07.30 ට පමණ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත. මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙම නිල සංචාරය සඳහා මෙසේ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති අතර අග්‍රාමාත්‍යවරයා සමඟ 15 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් මේ සදහා එක්ව තිබේ.