“අයිස්” මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අද කටුනායකදී රේගු දැලේ..
නීතිවිරෝධී ලෙස “අයිස්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරට තුළට රැගෙන එමින් සිටි ඉන්දීය ජාතිකයෙකු අද (19) අළුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අද අළුයම 1.40 ට චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති මෙම 29 හැවිරිදි ඉන්දීය ජාතික සැකකරු සන්තකයේ තිබී රුපියල් අසූ හය ලක්ෂ හතලිස් දෙදහස් එකසිය පනහක් වටිනා මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත පාර්සල් දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.