ජනාධිපතිවරණය සදහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි..
ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (20) ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් අධිනීතීඥ සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබේ.