එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය අද කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී..
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය අද (03) උදෑසන කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ මහ සම්මේලනය පැවැත්වෙන අතර පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම ද මෙහිදී සම්මත කර ගැනීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි.