ජීව අත්බෝම්බයක් සමඟ තරුණයෙකු යාපනයේදී අත්අඩංගුවට..
ජීව අත්බෝම්බයක් සමඟ තරුණයෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. යාපනය, රාසාවින්තෝට්ටම් මාර්ගය අසලදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර තරුණයා සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයාගෙන ඇත. 19 හැවිරිදි යාපනය ප්‍රදේශයේම පදිංචි මෙම සැකකාර තරුණයා අද (16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව ද වාර්තා වේ.