පොලිස් නිලධාරීන්ට දින 20 ක විශේෂ සංයුක්ත දීමනාවක්..
පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට මාසිකව, වැටුපට අමතරව දින 20 ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා අතර පැවති සාකච්ජාවකින් පසු මුදල් අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන ඇත. සිය පොලිස් වසමෙන් බැහැරව විශේෂ රාජකාරි සදහා පිටත්ව යන අවස්ථාවන් වල අදාළ සංයුක්ත දීමනා ලබාගැනීමට විවිධ ලියවිලි ඉදිරිපත් කිරීමේදී මතුවන ප්‍රායෝගික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් එම සංයුක්ත දීමනාව දින 20 ක විශේෂ දීමනාවක් ලෙස පොලිස් නිලධාරීන්ගේ වැටුප සමඟ ගෙවීමට ඒ අනුව තීරණය කර තිබේ.