හෙරොයින් සමග සැකකරුවෙකු කොළොන්නාවේදී දැලේ..
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළොන්නාව ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 107 ක ප්‍රමාණයක් සමඟ මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 24 හැවිරිදි වෙන්නවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සපික් මොහොමඩ් සරාශ් නැමැති මෙම සැකකරු අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.