සත්‍යයේ පුවත් අඩහැරය….

ලොව පුරා හින්දු බැතිමතුන්ගේ දීපවාලී උත්සවය අද ..

Podu Jana Peramunaලොව පුරා හින්දු බැතිමතුන්ගේ දීපවාලී උත්සවය අදට යෙදී ඇත. “ආලෝක පේලිය” යන අර්ථය සහිත දීපවාලි උත්සවය හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකේ. ඒ නිමිත්තෙන් සුබපැතුම් එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ දීපවාලිය එහි ගැඹුරු අරුතින් සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා මානව සමාජයට නිදහස අත්කර දුන් ඓතිහාසික සැමරුමක් බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දීපවාලි සැමරුම් පණිවිඩය මඟින් දක්වා ඇත්තේ මනුෂ්‍යත්වය රජ වී සාමය සමාදානය උදා වී සිය පුද්ගලික අභිමතාර්ථ සපුරාගැනීම පිණිසම නොව අන්‍යන්ගේ යහපත කෙරෙහි ද අවධානය යොමුකළ යුතුය යන්න දීපවාලියේ ඉගැන්වීම බවයි. මේ අතර දීපවාලි උත්සවය සමරන හින්දු සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් හෙට මුස්ලිම් පාසල් හැර සියලු දෙමළ මාධ්‍ය පාසල් සදහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට