සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණයට තොරතුරු ලබා ගැනීමේ අරමුණින් කූඨ ලෙස වෙබ් අඩවි නිර්මාණය වී ඇත, ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගම…

Podu Jana Peramunaජනාධිපතිවරණ සමීක්ෂණ යැයි පවසමින් හදුනානොගත් පාර්ශව කිහිපයක් විසින් වෙබ් අඩවි කිහිපයක් නිර්මාණය කොට එම වෙබ් අඩවි වෙත සමාජ ජාල මාධ්‍ය අඩවි වල සිටින පරිශීලකයන් ගෙන්වාගෙන ඔවුන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරගැනීම සදහා ජාතික හැදුනුම්පත් අංකය ලබාගැනීමක් සිදුකරණු ලබන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා සදහන් කර සිටියි. අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට www.votesl.com යන වෙබ් ලිපිනය යටතේ පවතින මෙලෙස ජන්ද දායකයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය වැනි ඉතාමත් පෞද්ගලික දත්ත එක්රැස් කිරීම් සිදුකරනා වෙබ් අඩවියක් නිරීක්ෂණය කිරීමට හැකිවූ අතර මෙම වෙබ් අඩවිය සම්බන්ධ වගකිවයුතු පාර්ශවයක් පිලිබදව හෝ එම සමීක්ෂණය සිදුකරන පාර්ශවය සම්බන්ධ කරගැනීමකට අදාළ කිසිදු විස්තරයක් එම වෙබ් අඩවියේ අඩංගු වී නොමැති බවත් නිරීක්ෂණය කිරීමට හැකිවිය. තවද මෙම වෙබ් අඩවියෙහි නාමයෙන් ෆේස්බුක් පිටුවක් ක්‍රියාත්මකවන අතර එම ෆේස්බුක් පිටුව ක්‍රියාත්මක වන රට සහ එම ෆේස්බුක් පිටුව පාලනය කරනු ලබන පාලකවරුන් සම්බන්ධයෙන් විස්තර ෆේස්බුක් පරිශීලකයන්ට ප්‍රදර්ශනය කිරීමට ෆේස්බුක් සමාගම අපොහොසත් වී ඇත.

ජාතික හැදුනුම්පත් අංකය වැනි ජනතාවගේ පෞද්ගලික දත්ත මෙලෙස ජනාධිපතිවරණ සදහා සිදුකරන්නා වූ සමීක්ෂණ මුවාවෙන් රැස්කරගැනීම, හැදුනුම්පත් අංක රැස් කරනු ලබන්නේ කුමන කරුණක් සාක්ෂාත් කරගැනීම සදහාද යන්න, සහ ජනාධිපතිවරණයෙන් පසු එම දත්ත වලට සිදුවන්නේ කුමක්ද යන්න සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්විය යුතු මාතෘකාවක් සේ අප සංවිධානය දකිනු ලබයි. විශේෂයෙන්ම මෙලෙස විවිධ වෙබ් අඩවි වලින් එක්රැස්කරගන්නා ලබන ජාතික හැදුනම්පත් අංක භාවිතා කරමින් සමීක්ෂණය සහභාගී වන්නාගේ නම, දිස්ත්‍රික්කය, ස්ත්‍රී/පුරුෂ භාවය, මැතිවරණ කොට්ඨාසය, ජන්ද ප්‍රදේශය, ග්‍රාම නිලධාරී කොට්ඨාසය, වීදිය, ගෘහ අංකය යනාදී යම් පුද්ගලකුට අනන්‍ය වූ පෞද්ගලික දත්ත “ජන්ද හිමි ලියාපදිංචි තොරතුරු” යන වෙබ් අඩවියට පිවිස ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැකිය.

2014 වසරේදී ජනාධිපතිවරණ අපේක්ෂයන් පිලිබදව එවකට තිබූ යම් වෙබ් අඩවි වලින් සිදුකෙරුණු සමීක්ෂණයන් හිදී සමීක්ෂණයට සහභාගී වන්නාගේ IP ලිපිනය භාවිතා කරමින් සමීක්ෂණ කටයුතු සිදුකිරීමක් දක්නට ලැබුණු අතර මෙම ක්‍රමය යම්තාක් දුරකට සමීක්ෂණයට සහභාගී වන්නාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමක් සිදුකරනු ලබයි.මේ පිලිබදව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස කටයුතු කරනු ලැබූ අතර මේ පිලිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස සියලුම මාධ්‍ය ආයතන වලට අප සංගමය ඉල්ලා සිටින්නෙමු.

තවද මැතිවරණ සමීක්ෂණ යැයි පෙන්නා මෙලෙස සිදුකරන පෞද්ගලික දත්ත එක්රැස් කරගැනීමේ ක්‍රියාවලීන් වෙත ඔබගේ පෞද්ගලික දත්ත ලබාදීමෙන් වලකින ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජන්ද දායකයින් හට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට